සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි
යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා... සියුමැලි කැකුලක් මැලවෙද්දී...
සියුමැලි කැකුලක් මැලවෙද්දී.....
දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන බිංදූ..
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුනු වැහි බිංදූ..
ඈ ගෙන යද්දී නටබුන් අතරේ තවකෙක් ඈ වෙත හද රැන්දූ..
තවකෙක් ඈ වෙත හද රැන්දූ..
සඳකඩ පහනක......
හදවිල ඉපැදුනු කැකුලක් නොතලති නටුවෙන් ගලවා දුරක යවා...
මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් සත්සමුදුරකට මුහුව ගියා...
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටම් මැදුරක කඳුලු අරා...
රුවන් විමානේ පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා..
පොපියන හදවත සිටියි බලා..
ගායනය:- සුනිල් එදිරිසිංහ
Friday, May 16, 2008
Subscribe to:
Post Comments (Atom)
3 comments:
මේ සිංදුවේ තේරුම දන්න කෙනෙක් ඉන්නවා නම් කරුකරලා දෙන්න පුළුවන්ද
කරුණාකරලා ගොඩක් දවස් ඉදන් හොයන්නේ
ගොඩක් කල් හොයපු තේරුම හම්බ වුනා අවශය කෙනෙක් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1226990&page=12
Post a Comment