Tuesday, May 20, 2008

අඩවන්වු දෙනෙතින් ගලනා

අඩවන්වු දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා//

තෙමා තෙමා හද
ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ//
මහමෙව්නා උයනේ....
සමාධි බුදු පිළිමේ...

අඩවන්වු දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා//

පිරීතිරී යන මහ වතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදාලන බුදු ගුණ මහිමේ
මහමෙව්නා උයනේ....
සමධි බුදු පිළිමේ...

මහමෙව්නා උයනේ....
සමධි බුදු පිළිමේ...

අඩවන්වු දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා//

ගායනය :- ඩබ්.ඩී අමරදේව

Sunday, May 18, 2008

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම්
සමිඳුනි ඔබෙ පිළිසරණ පතා
මම එමි බවදුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක්ගිනි අතරේ
දැවෙන මහද සිතුවිලි ගිනි අඳුරේ
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
නිවි නිවි යන අරුමය කිමදෝ

ජීව මාන හිමි දැක ගන්නට
මා නෙත කළ පිං මද බව වැටහේ
එහෙයින් හිමි අනුරුව අභියස හිඳ
බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට

ගායනය:- වික්ටර් රත්නායක

Saturday, May 17, 2008

බුදු කරුණා දෑස තෙමී

බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැල් ඇද හැලුනා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බ්සී

බුදු කරුණා දෑස තෙමී

කඳු වැටිවල නිසොල්මනේ
ගහ කොළ මල් පිපී නටයි//
නැවුම් පොලව නවතින්නේ
බුදු සිරිපා පහස ලබයි

බුදු කරුණා දෑස තෙමී

කෙලෙස් මලින් උකටලි සිත
නිවා තවන සුවය සොයයි//
නිසල ඔබේ බුදු රුව ළඟ
මගෙ හද භවනා කරයි

බුදු කරුණා දෑස තෙමී


ගායනය:- නන්දා මලනී

Friday, May 16, 2008

සඳකඩ පහනක කැටයම් ඔපලා

සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි
යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා... සියුමැලි කැකුලක් මැලවෙද්දී...
සියුමැලි කැකුලක් මැලවෙද්දී.....

දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන බිංදූ..
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුනු වැහි බිංදූ..
ඈ ගෙන යද්දී නටබුන් අතරේ තවකෙක් ඈ වෙත හද රැන්දූ..
තවකෙක් ඈ වෙත හද රැන්දූ..


සඳකඩ පහනක......


හදවිල ඉපැදුනු කැකුලක් නොතලති නටුවෙන් ගලවා දුරක යවා...
මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් සත්සමුදුරකට මුහුව ගියා...
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටම් මැදුරක කඳුලු අරා...
රුවන් විමානේ පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා..
පොපියන හදවත සිටියි බලා..

ගායනය:- සුනිල් එදිරිසිංහ

Tuesday, May 13, 2008

පෙර දිනයක මා පෙම් කල යුවතිය

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැල විලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා
එදා වහේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා

ගායනය :- පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව

ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා

ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා
ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව් තුරු සුව විඳිනා
කළා වැවේ නිල් දියවර අපෙ අම්මා..

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ...

වෙල් දෙණිවල ඇවිදින් දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මඟ නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිදන කවියක් වේවා...


ගායනය:- කරුණාරත්න දිවුල්ගනේ