Wednesday, October 1, 2008

මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා
තරුවක් වාගේ හෙටත් නොපායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
අදත් එදා මෙන් බලා හිඳී
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

බලා හිඳිමි පෙරමඟ නෙතු දල්වා
ආදරයේ මුතුපියවිලි අතුරා
කවදා හෝ එක් අරුණු උදාවක
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

බලා හිඳිමි කඳුලින් නෙතු පොඟවා
ආදරයේ රන් කවුළු පියන් හැර
වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා ///

ගායනය :- නීලා වික්‍රමසිංහ